News

බස්සපු ගෑස් මංගල ළඟ නවතී

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දෙසිය පනහකින් (250) අඩු කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කළත් මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එම තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත.

ජීවන වියදම් කමිටුව මෙම තීරණය දෙසතියකට පෙර ගනු ලැබුවත් මුදල් අමාත්‍යාංශ අනුමැතිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මෙතෙක් ලැබී නැත. මුදල් අමාත්‍යාංශ අනුමැතිය ලැබුණු පසු එම සහනය හිමිවන්නේ එක් ගෑස් සමාගමකට පමණි. අනෙක් ගෑස් අලෙවි කරන සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට එරෙහිව නඩුවක් ගොනුකර තිබේ. එම නඩුව අවසන් වනතුරු අදාළ තීරණය ක්‍රියාත්මක කිරීමට එම සමාගමට අවසර හිමිවන්නේ නැත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි වැඩිවෙමින් පවතින නිසා මුදල් අමාත්‍යාංශ තීරණය ලබාදීමේදී එයද සැලකිල්ලට ගන්නා බව වාර්තා වෙයි.

උදයජීව ඒකනායක