News

බස් රථයක් පෙරළීමෙන් සිසුන් 5 දෙනෙකුට තුවාල

දඹුල්ල, රන්දෙණිය ප්‍රදේශයේදී අද (11) උදෑසන පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළීමෙන් සිසුන් 5 දෙනෙකු තුවාල ලබා ඇත.

බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී පෙරළී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම අනතුරින් තුවාල ලැබූවන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතර සිසුවියන් 3 දෙනෙකු ද ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.