බස් රථයක ගැටීමෙන් වන අලි පැටවෙකු මරුට, 15 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල
පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 4 කණුව ප්රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් වන අලි පැටවෙකුගේ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වන අලි පැටියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර,බස් රථයේ සිටි 15 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
මෙම අනතුර 24 වැනිදා අළුයම 4.00 ට පමණ සිදුවී ඇත. අනතුරින් තුවාල ලබා ඇති අය ප්රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
වන අලි පැටවාගේ ගැටුණු බස් රථය සෙල්ලන්කන්දල් රක්ෂිත වනාත්රයට කඩා වැදී ඇත.අනතුරින් බස් රථයටද හානි සිදුවී ඇත.
අනතුර සිදුවී ඇති ප්රදේශය හරහා වන අලින් නිරන්තර මාර්ගය හරහා මාරු වන ස්ථානයක් බවට හදුනා ගෙන ඇත.ඒ අනුව දැණුවත් කිරීමේ පුවරුද සවි කර ඇත. නමුත් අධික වේගයෙන් ගමන් කරන වාහන වල රියදුරන්ගේ අපරීක්ෂාකාරීකම මෙවැනි අනතුරට වලට හේතුව බව ප්රදේශවාසීන් කියයි.
පුත්තලම – ජුඩ් සමන්ත