බස් රථ දෙකක් ගැටීමෙන් 18දෙනෙකුට තුවාල
ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ කුඩකේ මංසන්ධියේදී අද(07) බස් රථ දෙකක් ගැටීමෙන් 18 දෙනෙකු තුවාල ලබා ඉමදූව දිසා රෝහලට ඇතුළත් කර ඇත.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත.
එම අනතුරින් අසාධ්‍ය තත්වයේ පසුවූ හත්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහල වෙත මාරුකර යැවූ බව ඉමදුව දිසා රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අතර එම පිරිස අතර පාසල් සිසුවෙකුද සිටියි.
