News

බස් හා දුම්රිය වෘතිය සමිති සැලසුම් කළ ආකාරයටම වර්ජනයට සුදානම්

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිත වර්ජනය සැලසුම් කළ ආකාරයටම ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සහ පෞද්ගලික බස් රථ සේවක වෘත්තීය සමිති සඳහන් කරයි.

දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් කියා සිටියේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය සිදුකරන බවත් අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක කාලයක් ක්‍රියාත්මක දුම්රිය වර්ජනයට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු පාර්ශව කිහිපයක් නියෝජනය කරන වෘත්තීය සමිති එක්වනු ඇති බවත්ය.