බැංකු ණය නොගෙවූවන් ගැන සොයන්න නිසි බලධරයෙක්
බැංකු ණය නොගෙවීම මත දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා නිසි බලධාරියකු පත් කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී ඇත.
වෙන්දේසි කිරීමට හේතුව සහ ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය බවත් අගමැතිවරයා අවධාරණය කර තිබේ.
අගමැතිවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ (15දා) කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
එසේම පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්- වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයන්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට ඔවුන්ට අදාළ දේපළ නිරවුල් කර ගැනීමට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයිද අගමැතිවරයා මෙහිදී උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව ව්‍යවසායකයන්ගේ මූල්‍ය ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව සහ අදාළ බැංකු සමග එක්ව අවසන් තීන්දුවකට එළැඹෙන්නැයිද අගමැතිවරයා නිලධාරීන්ට පවසා ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටලු පවතින නිසා කිසිදු පාර්ශ්වයකට අවාසියක් සිදුනොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බවද අගමැතිවරයා පෙන්වාදී තිබේ.
නයන තරංග ගමගේ