බැසිල්ගේ නඩුව ලබන මස 07වනදා දක්වා කල්යයි
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන මස 07 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග කර ඇත.
අද දින මෙතෙක් නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතානිවාඩු ලබාගෙන තිබීම හේතුවෙන් මෙම නඩුව කල්තබා ඇත.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,991ක් සාවද්‍ය හා සාපරාධී පරිහරණය ඇතුළු අධි චෝදනා යටතේ මේ නඩුව පවරා ඇත.
