News

බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමෙන් 3154 දෙනෙකු මාට්ටු

දිවයින පුරා ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේදී අද පෙරවරු 6 න් අවසන් ගත වූ පැය 24 තුළ පුද්ගලයින් 279 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පසුගිය 5 වනදා සිට මේ දක්වා කාලය තුළදී බීමත් රියදුරන් 3154 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.