බුර්කා තහනම ගැන තවදුරටත් සාකච්ඡා
ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබය පැළදීම තහනම් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යංශය පවසයි.
එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර, එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බව විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.
පාස්කු ඉරුදින එල්ල වූ ප්රහාරයන් පිළිබද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCol) විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සදහා පදනම් වී තිබේ.
රජය විසින් සියලු පාර්ශවයන් සමග පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකගතාවකට පැමිණීම සදහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇතැයි විදේශ අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි.