News

බේරුවලදී හමුවූ හෙරොයින් සම්බන්ධව අත්අඩංගුවට ගත් තිදෙනා 03වනදා දක්වා රිමාන්ඩ්

බේරුවල, බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා කිලෝග්‍රෑම් 231 හෙරොයින් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන මස 3 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අද දින එම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ටෝලර් යාත්‍රාවේ හිමිකරු සහ හෙරොයින් තොගය හමුවූ යාත්‍රාවේ සිටි දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇත.