බොරැල්ල ට්‍රැෆික් OIC අනතුරට පත්කර පලා ගිය සිද්ධියට සම්බන්ධ සැකකරුට ඇප
බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව අනතුරට පත්කර පලා ගිය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඩිෆෙන්ඩර් රථයේ රියදුරුට ඇප නියමකර ඇත.
ඒ අනුව සැකකරු වන නවිදු රත්නායකට රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියම කර ඇති අතර එම නඩුව නැවත අප්‍රේල් මස 22 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 08 දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.