News

මංතීරු නීතියට අනුගත වෙන්න සතිදෙකක්

රියදුරන්ට මංතීරු නීතියට අනුගත වීම සඳහා අද (27) සිට සති දෙකක කාලයක් ලබා දීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ සියලුම නගරවල වාහන මංතීරු නීති නිසි ලෙස අනුගමනය කිරීමට මෙම කාලය ලබාදී ඇති බවයි.