මත්ගුලි පෙට්ටි 700ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මාතලේ හන්දිය සමගිපුර ප්රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී මත්ගුලි පෙට්ටි 700ක් සොයාගෙන ඇත.
මෙම මත්ගුලි පෙට්ටි කිලෝග්රෑම් දහයාමාරක් බර බවත් වටිනාකම 140,000ක් බව මිහින්තලය පොලීසිය සඳහන් කරයි.
සැකකරු තම නිවසේ සිටම අලෙවි කිරීම් කරන අතර මිහින්තලය පොලීසිය විසින් ඔහු පෙරේදා (24) දින අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුට වයස අවුරුදු 27ක් වන බව වාර්තා වෙයි.
සැකකරුව අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඊයේ (25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 38 වන දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනගාරගත කර ඇත.
