මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානයක් වෙමින් ඇති ප්‍රදේශයක් ගැන අනාවරණයක්
ශ්‍රී ලංකාව තුළ හෙරොයින් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානයක් බවට වැලිගම මිදිගම ප්‍රදේශය මේ වනවිට පත්වෙමින් ඇති බවට හඳුනාගෙන තිබෙන බව පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙනඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
වැලිගම ප්‍රදේශයේදී ඊයේ (03) දිනයේ ද හෙරොයින් ග්‍රෑම් 145ක් සමග 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමත් වී තිබුණි.