News

මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නියමකවරයෙක් අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගෙන සිටි බන්ධනාගාර නියාමකවරයකු යාපනය, මාටින් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ . සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

යුධ හමුදා බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදී තිබේ.

මේ අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාර බන්ධනාගාර නියාමකවරයා කාලයක සිට තම නිළ ඇඳුමට මුවා වී එම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සැකකරු සතුව තිබී රුපියල් 360,000ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 45ක් සොයාගෙන තිබෙන අතර මොහු යාපනය බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකි.