News

Update : “බක්මහ දිවුරුම“ ප්‍රතිඥාව ලබා දෙයි

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” මීට සුළු මෙහොතකට පෙර සිදු කර තිබේ.

අද(03) පෙරවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී ආරම්භ විය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වීමට නියමිත අතර පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයින් ද ඊට සහභාගී වනු ඇති.

අද (03) පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයින් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කරගැනීමට නියමිත අතර සිංහල හා දමිළ බසින් එම දිවුරුම ලබාදීම සිදු කෙරෙයි.

දිවයිනේ සියලු පාසල් දරුවන් ද සිය පාසල්වල සිට පෙරවරු 8.34 සිට 8.38 දක්වා බක්මහ දිවුරුම සමඟ එක් වෙයි.

දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

Update : 8.40am

—————————————————————————————————————————-

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” අද

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන “බක්මහ දිවුරුම” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කිරීමට නියමිතව ඇත.

එහි ප්‍රධාන උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදියි පැවැත්වෙන අතර එම අවස්ථාවට සර්ව ආගමික නායකයන්, මෙන්ම මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිතය.

මෙහිදී බක්මහ දිවුරුම නමින් මතින් වැළකීමේ ප්‍රතිඥාව ලබාදීමට සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන මෙන්ම සියලු පෞද්ගලික ආයතන හා වැඩබිම්, පාසල් ඇතුලු රටේ සමස්ත ජනතාවගේ දායකත්වය ලබාගැනීමට කටයුතු යොදා ඇති අතර
දරුණු සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව ජනතාව මතවාදී වශයෙන් ඒකරාශී කිරීම එහි අරමුණ වී ඇත.

අද පෙරවරු 8.30 ට එම දිවුරුම ප්‍රකාශයට පත් කෙරෙයි.