මදුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් දෙදෙනෙකු ලංකාවට පිටුවහල් කරයි
අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මදුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරනු ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.
අද අලුයම 4.55ට පමණ මොවුන් දෙදෙනා UL-226 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇති අතර ඩුබායි හෝටලයක පැවති සාදයකදී මාකදුරේ මදුෂ් සමඟ පුද්ගලයින් තිස් එක් දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබවා.
ඉන් හය දෙනෙකු පසුගිය දිනවල එරටින් පිටුවහල් කර ඇත.
ඒ අනුව මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් නැමති වයස අවුරුදු 48 ක් වු මිරානිය වීදිය, කොළඹ 12 යන ලිපිනයේ පදිංචිකරුවෙක් හා වීරසිංහගේ ලංකා රජිත් පෙරේරා යන වයස අවුරුදු 40 ක් වු කපුගොඩ, කඹුරුපිටිය යන ලිපිනයේ පදිංචි අය එරටින් පිටුවහල් කර තිබේ.