මධ්‍යම සංස්කෘතියේ වැඩට කුරුණෑගලින් රොතුපිටින්
සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් එක්දහස් දෙසීයකට (1200) ආසන්න සේවකයන් පිරිසක් බඳවාගෙන ඇති බව වාර්තා වේ. මුරකරු, කම්කරු, ආදී තනතුරු සඳහා මෙම පිරිස බඳවා ගෙන ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික අමාත්‍යාංශය යටතේ පවතින අතර මීට පෙර එම අමාත්‍යාංශය ඇමැති අකිල විරාජ් කාරියවසම් යටතේ පැවැති අතර වර්තමානයේ එම අමාත්‍යාංශය සජිත් ප්‍රේමදාස යටතට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්තගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ යහපාලන ආණ්ඩුව පාලන කාලයේ දෛනික පදනම මත කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගත් සේවකයින්ගේ කාලය පසුගිය වසරේ අවසන් වූ බවයි. ඒ කාලයේදී ඇති වූ දේශපාලන විපර්යාසය නිසා ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් යළි බලයට පත්වූ පසු එම සේවකයින්ගේ සේවාකාලය දීර්ඝ කිරීමක් පමණක් සිදු වූ බවයි.
මධුභාෂණ හේරත්