News

මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් තවත් 3ක් ‌මෙරට CID භාරයට

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන තිබේ.

අද (28) උදෑසන කටුනායක ගුවන්තොටුපලින් මොවුන් දිවයිනට පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

ඒ අනුව මේ වන විට අදාළ පුද්ගලයින්ගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපල ඒකකය වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.