News

මන්ත්‍රීවරු 200කට කොවිඩ් එන්නත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තු විශ්‍රාමික මන්ත්‍රීවරුන් 40ක් මෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 800කට ආසන්න පිරිසක් ද එන්නත ලබාගෙන ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව ආසාදිතයන් 20 දෙනෙකු පමණ වාර්තාවී තිබුන අතර එම පිරිසට මැති ඇමැතිවරු 08 දෙනෙකුද ඇතුලත්ව තිබුණි.