News

මන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයා අද අධිකරණය හමුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (02) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ, 2008 වසරේදී පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ කැඳවනු ලැබ සිටි සහකාර පොලිස් අධිකාරීවරයා ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරව එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

2008 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා පිළියන්දල පොලිස් අත්අඩංගුවේ සිටි අජිත් සුනන්ද කන්ඩම්බි නමැත්තා පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට පත්විය.