මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ තහනම් නියෝගය දෙසැම්බර් 10 වැනි දා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය දීර්ඝ කර ඇත.
පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදීන් අධිකරණයට දන්වා සිටියේ ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් පෙත්සම් විභාග කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසටය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව
එහිදී නීතිපතිවරයා විසින් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේය.
