මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් 08දෙනෙකු හඳුනා ගැනේ
පසුගිය ඉරිදා කොච්චිකඩේ, කටාන හා මඩකළපුව ප්‍රදේශවල සිදුවූ ප්‍රහාරවලට සම්බන්ධව මිය ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් 09 දෙනාගෙන් 08 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.