මස්කෙළිය හින්දු කොවිලක් වසා දමයි
මස්කෙළිය ශ්‍රි සම්මුගනාදන් හින්දු දේවාලයේ පූජකවරයා ඇතුළු සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ එම දේවාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරික්ෂක එන්. නරේන්ද්‍රන් මහතා පවසයි.
දේවාලයේ පසුගිය දිනක පැවති රැස්වීමක් අමතමින් සිටියදී මිය ගිය පුද්ගලයාට කොවිඩ් වැළඳී තිබූ බව හඳුනා ගෙන තිබේ.
ඉන්පසු සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලින් පූජකවරයා ඇතුළු මස්කෙළිය නගරයේ තවත් සිව්දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව හඳුනා ගෙන ඇති බව වාර්තා වේ.
හඳුනා ගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 30දෙනෙකු පමණ ඊයේ(18)දින නිරෝධායනයට යොමු කර ඔවුන්ගේ පී.සී.ආර් පරික්ෂණ සිදු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.