News

මහනුවර උමං මාර්ගයේ තිබී මළ සිරුරක් හමුවෙයි

මහනුවර නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි උමං මාර්ගයේ තිබී මළ සිරුරක් හමුවී ඇත.

ඊයේ රාත්‍රීයේදී මෙම පුද්ගලයා මෙම ස්ථානයේදී මිය යන්නට ඇති බව පොලීසිය සඳහන් කරන අතර මරණකරු වයස අවුරුදු 50ක් පමණ වන කටුගස්තොට පදිංචිකරුවෙකි.

ඔහු බැංකුවක සේවය කළ අයෙක් බවට අනාවරණය වී ඇත. මේ පිළිබඳව පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.