මහමගදී රියැදුරෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ්
හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියැදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන අප්‍රේල් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අද (30) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලොරි රථ රියදුරු සහ පොලිස් කොස්තාපල්වරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
එහිදී පහරකෑමට ලක්වූ ලොරි රථ රියැදුරා ඇප මත මුදා හැර ඇති අතර, ඔහුගේ රියදුරු බලපත්‍රය ද තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඊයේ උදෑසන පන්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියැදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මාර්ගයේ රාජකාරී සිදුකරමින් සිටි මහරගම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයේ ගැටී තුවාල ලබා තිබිණි.
එම අවස්ථාවේ ඒ අසලම පදික මාරුවේ රාජකාරි කරමින් සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා එහිදී රියැදුරු අල්ලාගෙන අමානුෂික ලෙස පහර දී තිබේ.
සබැඳි පුවත් –
මහ පාර මැද යකා නැටූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට – https://bit.ly/3w8YSyl