මහවිරු සතිය සැමරීමට එක්වන ලෙස දෙමළ දේශපාලන නියෝජිතයින් දෙමළ ජනතාවගෙන් ඉල්ලයි
යුධ සමයේ තම ජාතිය වෙනුවෙන් ජිවිතක්ෂයට පත්වු මහවිරුවන් සැමරීමට එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ පවසති.
මහවිරු සතිය ලෙස නම්කොට ඇති නොවැම්බර් 20 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සොහොන් පිරිසිදු කරමින්,මහවිරුවන් වෙනුවෙන් පහන් දල්වා,මහවිරුවන් සිහි කරමින් ගුණ සැමරුම් වැඩසටහන් පවත්වන ලෙසට අදාළ පිරිස් ඉල්ලීම් කොට ඇති බව ආරක්ෂක අංශ පැවසූහ.
රක්ෂක අංශ පැවසූවේ ග්‍රාම සංවර්ධන සමිති,කාන්තා ග්‍රාම සංවර්ධන සමිති,ක්‍රීඩා සංගම්,ව්‍යාපාර සංගම්,සංස්කෘතික සංගම් ආදි සමිති ඒකාබද්ධව අදාළ ක්‍රියාකාරකම් වෙනුවෙන් එක්විය යුතු බවට ඉල්ලා ඇති බවයි.
එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහවිරු සතිය නම්කොට තිබු අතර,සෑම වසරකම නොවැම්බර් 20 වැනිදා සිට නොවැම්බර් 27 වැනිදා දක්වා මහවිරු සතිය එවක සමරනු ලැබීය. එල් ටි ටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වැනිදා යෙදී ඇති අතර,ඒ වෙනුවෙන් එවක එල් ටි ටි සාමාජිකයින් විසින් මහා ජන සංහාර කරමින් ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරූහ.
නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම් අවසන් සැමරුම පවත්වන අතර කිලිනොච්ච්චිය කනගපුරම්,මුලතිව් මුලංකාවිල්,වවුනියාව හා මන්නාරම ප්‍රදේශයන්ගේ මහවිරු සොහොන් තුළ අදාළ සැමරුම් පැවැත්වීම එකළ එල් ටි ටි සංවිධානය සිදුකරනු ලැබීය. 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා ජිවිතක්ෂයට පත්වු ලුතිනන් සංකර් නමැති එල් ටි ටි සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා සැමරුම් වැඩසටහනක් පවත්වමින් මහවිරු සැමරීම ආරම්භ කොට තිබිණ.
1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් නිත්තකේයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම එල් ටි ටි නායක ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසති. මහවිරු සැමරුම වෙනුවෙන් මුලංකාවිල් මහවිරු සුසානය පිරිසිදු කිරීම ඊයේ(18) සිදුකොට ඇති අතර,විදේශීකයින් පිරිසක්ද ඒ වෙනුවෙන් එක්ව සිටි බව ප්‍රදේශවාසීන් පැවසූහ.