මහා මැතිවරණයක් ඉල්ලා ආරච්චිකට්ටුව ප්‍රදේශවාසීන් පාරට බසී
කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින් පෙත්සමකට අත්සන් කිරීම සහ උද්ඝෝෂණයක් 25 වැනිදා පෙරවරුවේ ආරච්චිකට්ටුව නගරයේදී පැවැත්වුණි.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට සහ පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහනට ප්‍රාදේශීය දේශපාලකයින් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියේය.