මහේස්ත්‍රාත් අධිකරණය අසළදී මාධ්‍යවේදියෙකුට පහරදුන් නාවික හමුදා සුළු නිළධාරියෙක් අත්අඩංගුවට
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළදී The Morning (ද මොර්නිං) පුවත් පතේ මාධ්‍යවේදියෙකුට පහර දිමේ සම්බන්ධයෙන් නාවික හමුදා සුළු නිළධාරියෙක් අත්අතඩංගුවට ගෙන ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වූ අවස්ථාවෙන් පසු දිවා ආහාරය සඳහා උසාවියේ කටයුතු කල් තැබූ අවස්ථාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අධිකරණ පරිශ්‍රයේ සිට පිටතට පැමිණ තිබේ.
එම අවස්ථාවේදී එය වාර්තා කිරිමට පැමින සිටි The Morning (ද මොර්නිං) පුවත් පතේ මාධයවේදියාට නාවික හමුදා සුළු නිළධාරියා විසින් වැලමිටෙන් පහර දි තිබේ.
පහර කෑමට ලක්වූ මාධ්‍යවේදීන් රාජකාරියට බාධ කිරීම සම්බන්ධයෙන් කොම්පඤ්ඥ විදීය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර අදාල නාවික හමුදාවේ සුළු නිළධාරියා පොලිසි අත්අතඩංගුවට ගෙන ඇත.
