News

මහ වැසි නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයට ගස් සහ ගල් පෙරලෙයි

ඊයේ සවස් කාලයේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේන් මාර්ගයට ගස් සහ ගල් කඩා වැටී තිබෙනවා.

මෙම තත්ත්වය නිසා ඊයේ රාත්‍රි කාලය පුරාවටම මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බධා සිදු වූ අතර ස්ථා කිහිපයකින් විශාල ප්‍රමාණයෙ ගස්කි හිපයක්,පස් කදු සහ ගල් මාර්ගයට ඇද වැටී ඇත. අද උදෑසන වන විට එම ගස්,පස් කදු ගල් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විටත් මාර්ගයේ ගමනාගමනයට බලපෑම් එල්ල වී තිබේ.

අද සවස් කාලයේ ද වර්ෂාපතනය ලැබුන හොත් මෙම මාර්ගයේ ගමනාගමනය වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන මෙන් ආපදාකලමනාකරන ඒකකය බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටී.