News

මාඑළිය රක්ෂිතය දින තුනක සිට ගිනිගනී

පොල්පිතිගම මාඑළිය රක්ෂිතයේ දින තුනක සිට ගිනි ගනිමින් තිබේ.

අක්කර දහසක් පමණ භූමි ප්‍රමාණයකින් යුත් මෙම රක්ෂිතයේ සැළකියුතු ප්‍රමාණක් ගින්නට හසුව ඇති බව වාර්තා වේ.

ගින්න නිවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මේ වන තෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

මෙම රක්ෂිතයේ වන සතුන් රාශියක් ද සිටිති.

එමෙන්ම මාඑළිය රක්ෂිතය ආසන්නයේ රජයේ වී ගබඩාවක් ද වේ.