News

මාධ්‍ය ආයතන ඉදිරිපිට සාධාරණ මාධ්‍යක් ඉල්ලා විරෝධතා

සාධාරණ මාධ්‍ය කලාවක නියැළෙන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ අද (10) දින මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

දිදුලන හදවත, අලුත් පියාපත් ඇතුලු සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් කලාකරුවන්,මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇති අතර ඔවුන් මාධ්‍ය ආයතන ඉදිරිපිටට ගොස් නිහඬ විරෝධතාවක නිරතවන අතර පසුව ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් පාලනාධිකාරියට භාරදීමට කටයුතු කර ඇත.