මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති හා කොමසාරිස්වරුන් අතර හමුවක් අද
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා සහ එහි කොමසාරිස්වරුන් අතර හමුවක් ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පුරප්පාඩුවට පත් කෙරෙන අපේක්ෂකයාගේ නම ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමටද නියමිතව ඇත.
හිස් වූ මන්ත්රී අසුන සඳහා දිස්ත්රික් තේරීම්භාර නිලධාරිවරයා විසින් අපේක්ෂකයා නම් කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
