News

මැතිවරණ පැමිණිලි 1835යි

ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි 69ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් සිදුවීමක් වාර්තා වී ඇති අතර, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 66 ක් වන බවත් පසුගිය 08 වැනිදා සිට අද වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 1835ක් බවමැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය.