News

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී ඇත.

බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අතර බුදුරජානන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැ දැකීමට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අද වන් දවසක බව බෞද්ධ ඉතිහසයේ සඳහන් වෙයි.