මියගිය තල්මසෙකු කීරිමලෙයි වෙරළට ගොඩගසයි (Photos)
යාපනය, කීරීමලෙයි වෙරළට මියගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බව ප්‍රදේශයේ ධීවර ජනතාව පවසති. ප්‍රදේශවාසීන් පැවසූවේ අඩි 25 කට වැඩි දිග මියගිය විශාල තල්මසෙකුගේ සිරුරක් එලෙස ගොඩගසා ඇති බවයි.
කිසියම් හේතුවක් මත ගැඹුරු මුහුදේදී මියගිය තල්මසාගේ සිරුර එලෙස ගොඩගසා ඇති බව ප්‍රදේශවාසීන් පැවසූවේය. අදාළ තල්මසාගේ මළ සිරුර වෙරළෙන් ඉවත් කිරීමට නියමිත බව ප්‍රදේශවාසීන් පැවසූහ.