මිලියන 5කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සමඟ අයෙක් මාට්ටු
රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (12) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 501 යි මිලිග්‍රෑම් 60 ක ප්‍රමාණයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 22ක පුද්ගලයෙකි.