මීගමුව කලපුවේ මඩ සෝදා වැලිගන්න උපදෙස්
මීගමුව කලපුවෙන් බැහැර කර ඇති රොන් මඩ සහිත පස් තොගයේ තිබෙන වැලි ඉවත්කර ගැනීමට පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යංශයට උපදෙස් දී තිබෙන බව සඳහන් ය.
මේ අනුව එම රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහාම සොයා බලා, එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහාම මැදිහත් වන්නැයි දැනුම්දී ඇත.
එම රොන් මඩ තොගය ධීවර අමාත්‍යංශයේ සංවර්ධන ව්‍යපෘතියක දී ගොඩ දමා ඇති අතර ගම්පහ දිසා අඩවි වන නිලධාරිනිය වන දේවානි ජයතිලක මහත්මිය පසුගියදා එය එම කඩොලාන පරිසර පද්ධතියෙන් ඉවත්කර දමන ලෙස දැනුම්දී තිබුණි. කෙසේ වෙතත් ධීවර අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගැනීම නිසා මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.