News

මුළු දිවයිනටම අද රාත්‍රී 9 සිට හෙට අලුයම 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද (14) රාත්‍රී 9.00 සිට හෙට (15) අලුයම 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ අතර ගම්පහ පොලිස් වසමට අද (14) රාත්‍රී 7.00 සිට හෙට (15) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

මේ අතර වයඹ පළාතට යළි අද (14) පස්වරු 6.00 සිට හෙට (15) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.