මෙගාවොට් 100 ක විදුලියක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබියදී එය අවලංගු කරයි
හදිසි විදුලි අවශ්‍යතාවක් සඳහා මෙගාවොට් 100 ක විදුලියක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබියදී එය අවලංගු කිරීමේ ප්‍රතිඵල නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය බිඳවැටීමෙන් විඳීමට සිදු වූ බව ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය වසර 17 ක කාලයේ සිට හදිසි අවශ්‍යතා සඳහා එංගලන්ත සමාගමකින් විදුලිය මිලදී ගන්නා ලද අතර එහි ගිවිසුම දීර්ඝ කිරීමට අවශ්‍ය වූ පසුගිය පෙබරවාරි 11 වැනිදා සිට විදුලිය මිලට ගැනීම තරගකාරී මිලදී ගැනීමක් අනුව සිදු කිරීමට ටෙන්ඩර් කැඳවීය.
ඒ අනුව ඊට චීන, එංගලන්ත හා ඩුබායි හි සමාගම් තුනක් ටෙන්ඩර් ඉදිරිපත් කර ඇත. ඒකකයක් රුපියල් 28.50 බැගින් මෙගාවොට් 48 කට චීන සමාගමකුත්, ඒකකයක් රුපියල් 30.13 බැගින් මෙගාවොට් 18 කට එංගලන්ත සමාගමකුත්, ඒකකයක් රුපියල් 34.45 බැගින් මෙගාවොට් 34 ක් ඩුබායි සමාගමෙනුත් මිලට ගැනීමට ටෙන්ඩර් ඉදිරිපත් වූ පසුව ටෙන්ඩර් කැඳවා දින දෙකකින් එය අවලංගු කර තිබේ.
මෙම තත්ත්වය මත බලාගාරයක හදිසි බිඳවැටීමකදී අමතරව විදුලි උත්පාදනයක් නොමැති නිසා විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව ඉංජිනේරුවෝ පවසන අතර එම ටෙන්ඩරය අහෝසි කිරීමට හේතු වි ඇත්තේ මිලදී ගැනීම ප්‍රමාද කර හදිසි අවශ්‍යතාවකදී ටෙන්ඩර් පටිපාටියෙන් තොරව වැඩි මිලකට විදුලිය ලබා ගැනීමට බව විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ තුර්කියේ Karadeniz සමාගමෙන් මෙගාවොට් 100 – 500අතර ප්‍රමාණයක බාජ් එකක් (Vezzele)තුලින් හදිසි විදුලිය ලබා ගැනීමේ මුවාවෙන් අවුරුදු 3 – 5 අතර කාලයක් ගිවිසුම් අත්සන් කර විදුලිය ලබාගැනීමයි.
කිසිදු රජයේ ප්‍රතිසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව මෙගාවොට් 25කට වඩා විදුලිය ගතහොත් EIA වාර්තාවක් කල යුතු බවත් ඒ සඳහා අවම වශයෙන් මාස 06ක් පමණ ගතවන බව විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම රජයේ ක්‍රමවේදයෙන් තොරව ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ සති 02ක් තුල මෙම Vezzele එක තුලින් මෙගාවොට් 500 විදුලිය ලබා ගැනීම බව ඔවුන් සඳහන් කරයි.