මෙම වෑන් රථය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් දන්වා නම් පොලීසියට කියන්න
පසුගිය 26 වැනිදා පාදුක්ක අවිස්සාවේල්ල පාරේ මාවතගම ප්‍රදේශයේ මාර්ගය අයිනේ සැක සහිත ලෙස වෑන් රථයක් පාදුක්ක පොලීසිය භාරයටගෙන තිබෙනවා.
මෙම වෑන් රථයේ අංකය ලෙස wp PJ – 8888 ලෙස සටහන්ව තිබුණත්, ඒය ව්‍යාජ අංකයක් බවට පොලීසිය තහවුරු කරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
අදාළ වෑන් රථයේ ඇතුළත් තිබී වාහන ආදයම් බලපත්‍ර පිටපතක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, එහි වාහනයේ නියම අංකය ලෙස NC PH – 4663 බවට හදුනාගෙන ගෙන තිබෙනවා.
කළු පාට වෑන් රථයක් වන මෙය එහි වර්ගය ලෙසට සදහන් වන්නේ DFSK ලෙසටයි.
මෙම වෑන් රථය සම්බන්දයෙන් වැඩිදුරටත් කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ නිවසක නවතා තිබියදී සොරකම් කරන ලද වෑන් රථයක් බවටයි.
මෙම වෑන් රථය පරීක්ෂා කිරීමේදී වෑන් රථය ඇතුළත පිටුපස කොටසේ ලේ සලකුණු කිහිපයක් තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ වෑන් රථය සොරකම් කිරීමෙන් අනතුරුව කිසියම් පිරිසක් විසින් අපරාධයකට යොදා ගත්තේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් ඇති බවට පොලීසිය පවසනවා.
මෙම වෑන් රථය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් වෙතොත් පහත සදහන් දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ස්ථානාධිපති පාදුක්ක – 071-8591659 / 071-8870946