මෙරට පොල් කටු අඟුරු යුරෝපීය වෙළෙඳපොළට
පරිසර හිතකාමී ලෙස පොල් කටු අඟුරු නිෂ්පාදනය කර සක්‍රීය කාබන් ලෙස යුරෝපීය වෙළෙඳපොළට යැවීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇත.
මේ සඳහා පොල්කටු දහන උදුන් ඉදි කිරීම සඳහා ජනතාව යොමු කරවීමට එම අධිකාරිය බලාපොරොත්තු වේ.
පොල් කටු පුලුස්සා පොල් කටු අඟුරු නිෂ්පාදනය වර්තමානයේද සිදු කෙරුණද, එය බොහෝ දුරට සිදු කෙරෙන්නේ පරිසර හිතකාමී අයුරින් නොවන බවත්, මෙම අවිධිමත් ක්‍රමවේදයන් නිසා කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ආදී අහිතකර වායු පරිසර පද්ධතියට එකතු වන බව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පී.එදිරිමාන්න කීවේය.
මේ අනුව පරිසර හිතකාමී ලෙස පොල් කටු අඟුරු නිෂ්පාදනය සඳහා පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇත.
මෙරට පොල්කටු අඟුරු සඳහා විදේශීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බවත්, මෙලෙස පොල්කටු අඟුරු නිෂ්පාදනය කිරීම මගින් දැනට වඩා තුන් හතර ගුණයක ආදායමක් ඉපැයීමේ හැකියාව පවතින බව පොල් සංවර්ධන අධිකාරිය කියයි.
සාලිය කුමාර ගුණසේකර