මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් නාගදීප රජය මහ විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති රැස්වීමකදී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහාතාට දැනුම් දී ඇත.
ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත් වේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ සම්ප්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණයවීමය.
උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, නාගදීප විහාරාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී නවදගල පදුමකිත්ති නාහිමි, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද නාහිමි, මල්වතු පාර්ශ්වයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්‍රහැරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.