මේ තත්වය වහා පාලනය නොකළොත් ලංකාව සූඩානයක් වෙයි
රටක් හැටියට අප මේ මොහොතේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බැට කන රටක් බවට පත් වී ඇතැයි පවසන ‘ශ්‍රී ලංකා ජාතික සභාව’ මෙම තත්ත්වය මුළුමනින්ම වළක්වාගැනීම සඳහා වූ ‘පංචවිධ ජාතික සැලැස්මක්’ එළිදැක්වුයේ ය. ඒ අද (මැයි 10) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති උත්සවයකදී ය.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අගරදගුරු මැල්කම් රංජික් කාදිනල් පියතුමන් ඇතුළු සමාජ සංවිධානවල නියෝජිතයින් රැසක් එක්ව සිටියේය.
මෙහිදී සභාව අමතමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවේ ජේ.ආර්.ජයවර්ධන මහතා ගෙන එනු ලැබූ මැතිවරණ ක්‍රමය ඉස්ලාම් ජාතිවාදය වර්ධනය කිරීමට ඉවහල් වූ බවත්, එම ක්‍රමය වහා වෙනස්විය යුතු බවත් ය. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් පැවසුවේ මෙම තත්වය වහා පාලනය නොකළොත් ශ්‍රී ලංකාව සූඩානයක් බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇති බවත් ය.