News

මෛත්‍රිගේ මාධ්‍ය නිලධාරීන් පිරිසක් සජිත් ළඟ මැතිවරණ වැඩ

ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කළ ද ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරණ මාධ්‍ය මෙහෙයුම් කටයුතු සිදු කරන බව වාර්තා වෙයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ශිරාල් ලක්තිලක එම තනතුරෙන් ඉවත්ව වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ රාජකාරි භාර ගැනීමෙන් පසු ජනාධිපති මාධ්‍ය ඒකකයේ අනෙකුත් ප්‍රධානීන් පිරිසක්ද ඉකුත් දා (13 වැනිදා) සිට එම කාර්යාලයේ රාජකාරි කටයුතු ද ආරම්භ කර තිබේ. එම නිසා මෙතෙක් කල් වොක්ෂෝල් වීදියේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ මාධ්‍ය මෙහෙයුම් කාර්යාලයේ මාධ්‍ය මෙහෙයුම්වල නිරතව සිටි පිරිස දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බව වාර්තා වෙයි.

හේමන්ත ලියනපතිරණ