News

මෛත්‍රී සහ සජිත් අතර සාකච්ඡාවක් අද රාත්‍රියේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති නිල නිවසේදි අද රාත්‍රී 7.30ට පමණ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

දේශපාලනික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.