News

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද විවෘත කෙරේ

දශක හතරකට පසු මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කඑගග ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය මේ වන විට පිටාර මට්ටමට ළගා වී ඇති අතර, එහි වාන් දොරටු අද (30) පෙරවරුවේ විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට එක්වෙමින් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතයි.

මොරගහකන්ද ජලාශ්‍රයේ රන් දියවර මුදා හැරීම පසුගිය ජනවාරි මස 08 වැනිදා ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.

මොරගහකන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි හාරලක්ෂ 60,000ක් වන අතර ඉන් කුඹුරු අක්කර 82,000ක් අස්වැද්දීමට නියමිතයි.