මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ගින්නක්
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය තුළ ඊයේ (10) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ දෙකක් යොදා ගත් බව මොරටුව ගිනි නිවීමේ සේවා ඒකකය සඳහන් කළ අතර එම ගින්නෙන් ඉංජිනේරු පීඨයේ දේපළවලට හානි සිදුව තිබේ.
ප්‍රදර්ශනයක් සඳහා නිර්මාණය කෙරෙමින් තිබූ මෝටර් රථයක පරීක්ෂණ කටයුත්තක් අතරතුර විදුලිය කාන්දු වීමෙන් ගින්න හටගෙන ඇති බව මොරටුව ගිනි නිවීමේ සේවා ඒකකය ප්‍රකාශ කළේය.
