මෝදර සිදුවූ වෙඩි තැබීමකින් 05දෙනෙකුට තුවාල
කොළඹ, මෝදර පඤ්ඤානන්ද මාවත ප්‍රදේශයේදී අද පස්වරුවේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ත්‍රී රෝද රථයක ගමන් ගත් පිරිසකට මෙලෙස වෙඩි තබා ඇති අතර නඩු විභාගයක් අවසන් වී යළි නිවෙස් වෙත යමින් සිටි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වනවා.
තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.