News

යකඩ බෝල ඇමෝනියම් සල්පේට් සමග සැකකරුවන් දෙදෙනකු වැල්ලවායේ දී මාට්ටු

වැල්ලවාය පොලිසියට වැල්ලවාය නගරයේ හෝටලයක් තුල සැකකටයුතු පාර්සලයක් ඇති බවට තොරතුරක් ලැබී ඇත.

පසුව පොලිස් නිලධාරීන් විසින් එම හෝටලය පරික්ෂා කිරිමේ දී එහි තිබී යකඩ බෝල තොගයක් සහ ඇමෝනියම් සල්පේට් තොගයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

පසුව පොලිස් නිලධාරීන් විසින් මේ පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල බෝගහකුඹුර ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු බව පොලිසිය කියයි.සැකකරුවන් වයස අවුරුදු හතලිස් දෙක සහ හතලිස් හතර යන වයස් වල පසුවන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද(25) ඉදිරිපත් කිරීමට නියමිතයි.වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.